විශේෂාංග

‘ලෝකයේ හොඳම ඡායාරූප ශිල්පීන්ගේ නාමාවලියේ Top 10වලට ඇතුළත් වූ ලංකාවේ ඡායාරූප ශිල්පිනිය’

ඡායාරූපකරණයේ ලංකා නාමය ජාත්‍යන්තරයේ තැබූ අපූරු කෙල්ල - Rafealla Fernando

අපි අද කතා බහට එක්කර ගන්නේ අපූරු තරුණියක්. ලංකාවේ Photography හා Fashion Designing වලින් ජාත්‍යන්තරයේ පවා නම තැබූ කෙනෙක්. ඇය රැෆෙලා ෆර්නෑන්ඩෝ.

 

රැෆෙලා ෆර්නෑන්ඩෝ කියන්නේ Fashion Designer කෙනෙක්ද Photographer කෙනෙක්ද ?

මම Fashion Designing වලින් තමයි පටන් ගත්තේ. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට මේ ගෙවෙන්නේ මගේ 12 වැනි අවුරුද්ද. ඊට පස්සේ තමයි මම Photography වලට ආවේ. Photography කරන මේ මගේ 9 වැනි අවුරුද්ද. Fashion Designing වලින් තමයි මම පටන් ගත්තේ.

Fashion Designing කරන ගමන් Photography කරන්න අමාරු නැද්ද ?

ම්… අමාරුයි මොකද හුඟක් වේලාවට Photography කියන ක්ෂේත්‍රය වෙන් කරලා තියෙනවනේ, පිරිමි අය කරන Job එකක් විදිහට. ඉතින් ඒ Job එකේදී එන Stress එක, ඒත් එක්කම වැඩවලදී එන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා බලන්නෙ නැතුව වැඩ කරන්න ඕනි. Location වලට යන්න ඕනි, Fashion Designing වලදී එහෙම නෑ. Studio එකක් ඇතුළේ වැඩ කරන්න විතරයිනේ එතනදී තියෙන්නේ. එතනදී වෙනසක් තියනවා ඉතිං. එත් දෙකම Fashion එක්ක යන නිසා ලොකු අමාරුවක් නැහැ.

 

තරුණියකට Photography වගේ අංශයක් අමාරු නැද්ද ?

මම පටන් ගන්න කාලේ ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ කාලේ ගෑනු ළමයි Photography කළේ නැහැ. පිරිමි අය විතරයි කළේ. අනික මම වයසින් ළාබාල කාලෙදී තමයි පටන් ගත්තෙ. ඒ දවස්වල පිරිමි Photographers ලා ඇහුවා ඇයි මේ වගේ Job එකක් තෝර ගත්තේ, ගෑනු ළමයෙක්ට මේ වගේ Job හරියන්නේ නෑ කියලා. ඒත් දැන් නම් දෙයියනේ කියලා එහෙම ප්‍රශ්න නෑ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නෙ තමයි පිරිමි කෙනෙක්ට වඩා හොඳට ගෑනු කෙනෙක් මේ වැඩේ කරයිද කියන ප්‍රශ්නේ, අපි ගාවට එන අයම කියනවා. නමුත් ඒ සැකය නැති කරගෙන අපි අපේ කටයුත්ත කරනවා.

 

හැම අවුරුද්දෙම කරන ඔයාගේ Calender එකේ මේ සැරේ වෙනස මොකක්ද ?

මගේ Style එක චුට්ටක් dark art පැත්තට යන්නේ. මේ සැරේ dark art පැත්තෙන් චුට්ටක් එළියට ඇවිල්ලා Device Colours අලුත් ටෙක්නික්, හුඟක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම කලාකරුවන් හුඟක් අලුත් අය වගේම ප්‍රවීණ අය. රවීන්ද්‍ර රන්දෙණිය, සබීතා පෙරේරා, දමිතා අබේරත්න වගේ අයත් සම්බන්ධ කර ගත්තා මේ සැරේ Calender එකට.

 

ඒ කලාකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද මේ වැඩේට ?

ඇත්තටම මේ Calender එකට ලොකු ප්‍රතිචාර තියෙනවා. සමහර කලාකරුවෝ එයාලම කෝල් කරලා අහනවා මේ සැරේ Calender එක ගහන්නේ නැද්ද ? මේ සැරේ මම ඉන්නවද කියලා අහන තැනට පත් වෙලා තියෙනවා. ඒක ගැන මට බොහොම සන්තෝසයි. ප්‍රවීණ කලාකරුවෝ මේකට සම්බන්ධ වෙනවා. රවීන්ද්‍ර සර් දෙවැනි සැරේට මේ වැඩේට සම්බන්ධ වෙන්නේ.

දැනට ඉන්න ඡායාරූප ශිල්පීන් ගැන මොකද හිතන්නේ ?

දැන් ඉන්න ගොඩක් අය හරිම දක්ෂයි. අලුත් අය හුඟක් ඉන්නවා. ජාත්‍යන්තර මට්ටමේ වැඩ කළ හැකි අලුත් Idea තියෙන හොඳ ඡායාරූප ශිල්පියෝ ඉන්නවා. මම හිතන්නේ අපේ Photography Field එක හොඳ මට්ටමක තියෙනවා.

 

දැන් ඉන්න ඡායාරූප ශිල්පීන්ගේ දකින දෙයක් තමයි ඡායාරූපයේ Editing පැත්ත වැඩි කරනවා. ඔයත් ඡායාරූපයක් සුන්දරත්වය ගෙන්න Editing පැත්තට වැඩි බරක් දෙනවද ?

නැහැ. මම යම්තාක් දුරට භාවිත කරනවා, නමුත් ඒක මත්තෙම යැපෙන්නේ නෑ. අපි මහන්සි වෙන්නේ ඡායාරූපයක් හොඳට ගන්නනේ. යම් කිසි කෙනෙක් ඡායාරූපයක් අරන් Editing පැත්තෙම යැපෙනවා නම් එතන ඡායාරූප ශිල්පියෙක් නෑ කියන එක තමයි මගේ අදහස.

 

වැඩිපුරම ඔබ කැමති මොන ආකාරයේ ඡායාරූපකරණයටද ?

මගේ Style එක Conceptualize photography එකත් එක්ක Story එකක් නිර්මාණය කරන එක. මොකද මගේ හැම Photo Shoot එකම Story එකක් තියෙනවා. Dark Art Style එකත් කොහොමත් මගේ Style එකේ කොටසක්. හැබැයි මේ සැරේ Calender එකේ Dark Art පැත්ත අඩුයි. ඒකයි වෙනස.

 

ඔබ මේ වෙනකොට කී වතාවක් විතර සම්මානයට පාත්‍ර වෙලා තියෙනවද ?

මේ වෙද්දී Fashion Designing එක්ක 10 වතාවක් සම්මානයට පාත්‍ර වුණා. Fashion photography වලින් මට 2017 අවුරුද්දේ International Awards 02ක් ලැබුණා. එකක් රටවල් තුන්සිය ගණනකින් හොඳම photographersලා 10 දෙනා අතරට එන්න පුළුවන් වුණා. ඒක පළවෙනි වතාවට තමයි ලංකාවේ කෙනෙක් ඇතුළත් වෙන්නේ. ඊළඟ එක තමයි I.A. A Award එක. ඒකට ලන්ඩන් වලදී Best Fashion photographer of the year Award එක ලැබුණා. ඒකත් ලංකාවේ කෙනෙක්ට 1st Time තමයි ලැබුණේ.

 

කවුද මේ වැඩවලට ඔයාට උදව් කරන්නේ ?

ඇත්තටම මගේ Family එකම ලොකු උදව්වක් දෙනවා මට. මගේ තාත්ති, මගේ අම්මි, එතකොට මගේ පෙම්වතා. මේ තුන් දෙනා මට මාර උදව්වක් දෙනවා මගේ හැම වැඩේටම. ඊට අමතරව Team එකේ හැමෝම මතක් කරන්න ඕනි. එයාලත් මට ලොකු Support එකක් දෙනවා.


හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button