දේශීය

කිරිපිටි ගෙන්වන්නන්ගේ මාෆියාව – ඔබ දැනගත යුතුමයි…!

කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවට රජයට තර්ජනය කරමින් සිටින කිරිපිටි ආනයනකරුවන්ගේ මාෆියාව සම්බන්ධයෙන් වෙළෙඳ පොළෙන් තොරතුරු හෙළිවෙමින් තිබේ.

කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බවට මැසිවිලි නැගුවද එම සමාගම් සිය නිෂ්පාදන විකුණා ගැනීමට වෙළෙද පොළ තුළ පාර්භෝගිකයන්ට ලබාදෙන වට්ටම් දෙස බලන කළ එවැනි පාඩුවක් ලබන්නේද යන්න සැකමතුකර තිබේ.

මේවන විට වෙළඳ පොළ තුළ ඇති මිල අඩු කිරිපිටි පැකට්ටු අතර ඉදිරියෙන් ඇත්තේ ෆොන්ටේරා සමාගම විසින් වෙළෙඳ පොළට හඳුන්වාදී ඇති රෙඩ් කව් (Red Cow) කිරිපැකට්ටුවයි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 280/- කි. කෙසේවුවද, මේදිනවල එම පැකට්ටුවක් සඳහා 10%ක වට්ටමක් ලබාදීමට අදාළ සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකට්ටුවක මිල වන්නේ රුපියල් 252/- කි.

කිරිපිටි ගෙන්වන්නන්ගේ මාෆියාව

මේ අතර, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම විසින් ද ඔවුන්ගේ මැලිබන් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් සඳහා රුපියල් 20/- ක වට්ටමක් ලබාදී තිබේ. ඒ අනුව මැලිබන් කිරි පැකට්ටුවක මේවන විට මිල රුපියල් 325/- කි.

අදාළ සමාගම් කිරිපිටි වලින් මෙසේ පාඩු ලබමින් සිටියි නම් සිය නිෂ්පාදන ප්‍රවර්ධනයට මෙවැනි වට්ටම් ලබාදෙන්නේ පාඩු පිටද යන්න පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතුව තිබේ.

ඔබ බොන කිරිපිටිවල අන්තර් ගතය සම්බන්ධයෙන් අප තවත් රහස් රැසක් ඉදිරියේදී හෙළිකිරීමට කටුතු කරන්නෙමු.


උපුටා ගැනීම – www.srilankamirror.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button