සමාජ

ශ්‍රී ලංකාවේ නැවත මැලේරියා නැවත ඇති වීමේ අවදානමක්….!

ලංකාවේ මැලේරියා රෝගය තුරන් කල රෝගයක් ලෙස වසර කිහිපයක සිට WHO මගින් ස්තිර කර ඇති පරිසරයක අවාසනාවන්ත ලෙස කොලඹ නගරයේ පදිංචි කරුවකුට මැලේරියා රෝගය වැලඳී ඇති බව පසුගිය සතියේ තහවුරු කරන ලදි.

ඔහු කිසිඳු රටකට සංචාරයක් සිදු නොකොට ඇති අතර වත්තේගම සීනි කර්මාන්ත ශාලාව, මොණරාගල, සියඹලාන්ඩුව ආදී ප්රදේශ වල සංචාරය කර ඇත. මොහු හදුනාගැනීමට සතියකට පමණ පෙරාතුව වත්තේගම සීනි කර්මාන්ත ශාලාවේ සේවය කරන ඉන්දීය සේවකයකු මැලේරියා රෝගියකු ලෙස හඳුනාගෙන ඇත.

(ඉන්දියාවේ තවමත් මැලේරියා රෝගය පවතින අතර සංචාරකයන් ලංකාවට ඇතුලු වීමේදී වෙනත් රට වල මෙන් විදිමත් බෝවන රෝග පරීක්ෂාවක් සිදු නොකෙරේ). ඉන්දියාවේ මැලේරියාව තුරන් කර නොමැති නිසා, අනවසර සංක්‍රමණිකයින් මගින් මැලේරියා රෝගය ලංකාවට පැමිණීමේ අවධානමක් පවතින හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මැලේරියාව තුරන් කර ඇති රටක් ලෙස ලංකාවට සහතික කර නැත.

ඉතින් ඔබත් මෙම ප්රදේශ වල සංචාරය කර ඇත්නම් ඉන් පසු ඔබට වැලඳුනු දින 3 කට වඩා පවතීන උණක් ඇත්නම් හෝ සංචාරයන් නොකලද ලංකාවේ ඕනෑම පලාතක ඔබට හදුනා නොගත් දින 3 කට අදික උණක් පවතීනම් වහාම වෛදය වරයකු හමු වී අනිවාර්යෙන්ම මැලේරියා පරීක්ෂණය සිදු කරවාගන්න.

මැලේරියාවට නැවත වර්ධනයට ඉඩ නොදෙමු.

මැලේරියා පරදවමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button