දේශීය

අවිධිමත් ලෙස ගල් බෝර දමා ගල් පර්වතයක් කැඩීම නිසා නිවාස රැසකට හානි

හැටන් – නුවරඑළිය ප්‍රධාන මර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් විශාල කළු ගලක් කඩා ඉවත් කිරිමට අවිධිමත් ලෙස ගල් බෝර දැමිම හේතුවෙන් එම ඉඩම අසල නිවාස වල පදිංචිකරුවන් රැසක් දැඩි පිඩාවට පත් වි ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ බල පත්‍රයක් සහිතව මෙම ඉඩමේ අයිතිකරු විසින් ඉඩමේ පස් කපා ඉවත් කිරිමේදි මතු වු විශාල ගලක් කඩා ඉවත් කිරිමට ප්‍රමිතියකින් තොරව ගල් බෝර දමන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

මිට වසර කිහිපයකටම එම ඉඩමේ ගල් කොරියක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් පවත්වාගෙන ගිය අතර එම ගල් කොරිය හේතුවෙන් ප්‍රදේශවාසින්ට දැඩි පිඩා මතු විම හේතුවෙන් ප්‍රදේශවාසින්ගෙන් ලද පැමිණිලි මත එම ගල් කොරියේ බලපත්‍රය අහොසි කිරිමට මධ්‍යම පරිසර අධිකාරිය මගින් කටයුතු කර තිබුණි.

එම ගල් කොරියේ ඉඩමෙන් පර්චස් 10 ක ඉඩම් කැබැල්ලක් හැටන් ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු විසින් මිල දි ගෙන එම ඉඩමේ පස් කපා ඉවත් කිරිමේදි මතු වු විශාල ගල් පර්වතයක් කඩා ඉවත් කිරිමට ප්‍රමිතියෙන් තොරව ගල්බොර දැමිම නිසා එම ඉඩමට ඉහලින් පදිංචි පවුල් 10 ආසන්න ප්‍රමාණයක් දැඩි පිඩාවට ලක්වී තිබෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ ඉඩමේ අයිතිකරු විසින් අවිධිමත් ලෙස ගල් බොර දැමිම සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරුට පැමිණිලි කිරිමේදි ඔහු ප්‍රදේශ වාසින්ට මරණිය තර්ජන එල්ල කරන බවයි.

ප්‍රමිතියකින් තොරව ගල් බෝර දැමිම හේතුවෙන් තමන්ගේ නිවෙස් දැඩි කම්පනයකට ලක් වන බවත්, එම කම්පනය නිසා තම නිවාස වල සිටින කුඩා දරුවන් පවා භිතියට පත් වන බවද පදිංචිකරුවන් කියා සිටියි.

මෙම ගැටළුට සම්බන්ධයෙන් අප එම ඉඩමේ අයිතිකරු වන කේ. ශෂිකුමාර් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ගල් කොරිය සහිත ඉඩමෙන් තමන් මිලදී ගත් පර්චස් 10 ඉඩමේ මායිම කපාගෙන යාමේදි මතු වු විශාල ගල් පර්වතයක් කඩා ඉවත් කිරිමට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යටත්ව ගල් බෝර කිහිපයක් දැමු බවත්, එම ගල කඩා ඉවත් කිරිමේදි ප්‍රදේශවාසීන්ගෙන් මතුවන විරෝධය හේතුවෙන් ඉදිරියේදි එම ගල කඩා ඉවත් කිරිමට රසායනික ද්‍රව්‍යක් උපයෝගි කර ගන්නා බවත් ය.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button