විශේෂාංග

කාලෙකට පස්සෙ සුමන අක්කා

සුමනා ගෝමස් යනු ශ්‍රී ලංකාවේ එක් යුගයක ආන්දෝලනාත්මක නිළියකි. ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට සම්ප්‍රදායේ චිත්‍රපට කිහිපයකින් ඇය එවකට ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළාය. ඇයගේ නම කියූ පමණින් පිරිමින්ගේ ලිංගික හැඟුම්කාරකයන් අසමතුලිත වූ යුගයක් ද තිබුණි. එපමණක් නොව ඇයගේ පින්තූරත් එවකට තරුණයන්ගේ ද මැදිවිය ඉක්ම වූ පිරිමින්ගේ ද පොතක් ඇතුළත, එහෙමත් නැත්නම් කොට්ටයක්, මෙට්ටයක් යට, එහෙමත් නැත්නම් බිත්තියක ලැගුම්ගෙන සිටියේය. 90 යුගයේ අවසානය පසුවනතෙක්ම ීැං නම් සුමනා ගෝමස් ය. ඇය මීට වසර කිහිපයට උඩදී ලංකාවට පැමිණියත්, දැන් ඇය සිටින්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවරය. ඇය සමග කලකට පසුව කෙරෙන මෙම කතාබහ සුවිශේෂී වනු ඇත.

දැන් වයසට ගිහින් නේද?
ඔව්. ඒක ස්වාභාවිකයි. හැබැයි මම මට තාම තරුණයි. මගේ හස්බන්ඞ්ට මම තවම තරුණයි. ඒ විතරක් නෙවෙයි පිරිමින්ට තවම මම තරුණයි.

නමුත් අලුත් ජෙනරේෂන් එක සුමනා ගෝමස් කිව්වට දන්නෙ නෑ.
මොන පිස්සුද මල්ලි. අවුරුදු 25, 30 කොල්ලො මට තවමත් ලව් කරනවා. ඔයා කියන්නෙ මෙහේ ඉන්නවා ලංකාවෙ කොල්ලෙක්. එයා මම ගැන පුදුම උනන්දුවක් තියෙන්නෙ. මැසේජ් එවනවා. කතා කරනවා. පින්තූර එවනවා. මගේ පින්තූර එයාට ඉල්ලනවා. තව ඩුබායිවලත් ගොඩක් එහෙම අය ඉන්නවා. අන්තිමට මට වදයක් වුණා. මගේ හස්බන්ඞ් අන්තිමට මැසෙන්ජර් බ්ලොක් කළා.

අපේ රටේ ජනාධිපතිතුමා මේ දවස්වල නිව්යෝර්ක්වල?
ඔව්. ජනාධිපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයො දැනුවත් කරනවා. හැබැයි මට නම් යන්න බැරි වුණා. මොකද මෙහේ ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා මම රස්සා දෙකක් කරනවා. මම විතරක් නෙවෙයි මගේ මහත්තයත් එහෙමයි.

ඇත්තටම ‘ඇගේ වෛරය’ චිත්‍රපටයත් එක්ක නම් තුනක් ජනප්‍රිය වුණා. එකක් චිත්‍රපටයේ නම, අනික සුමනා ගෝමස්, අනික ලුවී වැන්ඩස්ට්‍රාටන්. ලුවී කියන්නේ ඒ චිත්‍රපටයේ ඩිරෙක්ටර්. එයාට දැන් මොකද වෙලා තියෙන්නෙ?
ඇත්තටම ලුවීට මොනවා වෙලා ඇද්ද? අපේ අය නිකම්වත් හොයන්නෙ නෑ. එයා දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. මම ඔයාට ලුවීව සම්බන්ධ කරල දෙන්නම්.

90 දශකය වැනි යුගයක කැමරාවක් ඉස්සරහ ඇඳුම් ගලවන්න බය හිතුණෙ නැද්ද?
ඇත්තටම සුනිල් සෝම පීරිස් මගෙන් ඇහුව සුමනා මේ පිටපතට කැමති නම් ඔයාට බ්‍රෙස්ට් එක පෙන්නන්න වෙනවා කියලා. මම කිව්වා පිටපතට ඒක අවශ්‍යම නම් මම ඒක කරන්නම් කියලා.

ඒ දවස්වල චිත්‍රපටයට කීයක් ගෙව්වද?
ලක්ෂ 5ක් ගෙව්වා.

සෑහීමකට පත් වුණාද?
ඒක පොඩි ගාණක්. ඔයා දන්නවද දැනටත් ලංකාවෙ චිත්‍රපට ශාලාවල චිත්‍රපට ගැලවුණාම ‘ඇගේ වෛරය’ පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි මම ඒ චිත්‍රපටයේ පෙන්නුවෙ මගේ පපුව විතරයි. හැබැයි ඊට එහා ගිය දේවල් පේන කොටස් බට් කරලා යූ ටියුබ් දාලා තියෙනවා. නමුත් ඒ කොටස් මගේ නෙවෙයි.

හැබැයි දැන් ලංකාවෙ මොඩල්ස්ලා එළිපිට ගණිකා වෘත්තිය ගැන කතා කරනවා.
හපොයි මම බැලුවා යූ ටියුබ් එකේ. අර කළු කැත ගෑනියෙක් කියන කතාව නේද? අපේ රටේ ගොඩක් අය මොඩල් කියන නමින් කරන්නෙ ගණිකා වෘත්තියෙ ඩීල්. මම කියන්නේ ඒවා පෞද්ගලිකව කරගත්තට කමක් නෑ. ඇයි මේ එළිපිට ඕවා කතා කරන්නෙ? එයා හිතන් ඉන්නේ එයා මාර සෙක්සි කියලා. සෙක්සි අය කවදවත් මම සෙක්සි කියලා කියන්නේ නෑ. කවුරු හරි සෙක්සි නම් ඒක කියන්නෙ පිරිමි. සෙක්සි අය හැමෝත් එක්කම නිදාගන්න යන්නේ නෑ. එයාට හමුවෙන එක පිරිමියාට කරන්න පුළුවන් හැමදේම කරලා සතුටු කරනවා. එතකොට ඒ පිරිමියා තමයි කියන්නෙ ඔයා මාර සෙක්සි කියලා.

ඇමරිකාවෙ ජනාධිපති ට්‍රම්ප් ගැන මොකද හිතෙන්නෙ?
ඔය නම මට ඔයත් එක්ක කෝල් එකේ කතා කරන්න බෑ. වෙන භාෂාවකින් එයාගෙ නම ඔයත් එක්ක කතා කළොත් ෆෝන් ටැප් වෙනවා. ඒක නිසා මම එයා කියලා කියන්නම්. එයා හරි හොඳයි. එයාට බණින්නෙම මේ රටේ ඉන්න කළු උන්. නමුත් එයා මේ රටට මාර ආදරෙයි. මම ඡන්දෙ දුන්නේ එයාට.

සුද්දෙක් විවාහ කරගත්තෙ ඇයි?
මම මෙයා හමුවෙන්න කලින් ලංකාවෙ කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා. යාළුවෙක් හරහා තමයි මට මෙයාව හමුවෙන්නෙ. මගේ හස්බන්ඞ් මට වඩා අවුරුදු 10 ක් බාලයි. එයා මාව කසාද බඳින්න කැමති වුණා.

සුද්දො ආසියාතික ගෑනුන්ට ඔච්චර කැමති ඇයි?
ඔව් සුද්දො අපේ ගෑනුන්ට හරි කැමතියි. එයාලා ගොඩාක් ආදරේ බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව ලංකාවෙ ගෑනුන්ගෙ තියෙන පිළිවෙළට එයාලා කැමතියි.

ඒ දවස්වල දේශපාලකයින්ගෙන් එහෙම අයුතු යෝජනා ආවෙ නැද්ද?
නැත්තෙම නෑ. ඒත් සමහර අය මම හරි සැර කෙනෙක් කියලයි දැනන් හිටියෙ. ඒක නිසා ඒ වගේ යෝජනා ගොඩක් අඩු වුණා.

දේශපාලනයට එන්න කියලා යෝජනා ආවෙ නැද්ද?
නෑ. නමුත් ගාමිණී දිසානායක මහත්තයා මට හරි කැමැත්තෙන් හිටියා. ඒ නිසා මම එතුමා වෙනුවෙන් මහරගම එතුමාගෙ වේදිකාවට නැග්ගා. ඊට පස්සෙ තිබුණෙ තොටළඟ මීටින් එක එදා මට වේදිකා නාට්‍යයකට නුවර යන්න වුණා. නැත්නම් තොටළඟ බෝම්බෙදි මගෙත් ජීවිතේ නැති වෙන්න තිබුණා.

ඒ දවස්වල අඩ නිරුවත් කැලැන්ඩරයක් කළා නේද?
ඔව්. බ්‍රා එකයි බිකිනියයි විතරයි මම ඒකට ඇන්දෙ. මෙන්ඩිස් සමාගමේ කැලැන්ඩරයක්.

ඇමරිකාවෙ ඉද්දි ලංකාව ගැන මොකද හිතෙන්නෙ?
මෙහේ හිටියත් ලංකාවෙ ඉන්නවා වගේ තමයි. ෆේස්බුක් එක නිසා හැමදේම දැනගන්නවා. හැමදෙනාගෙම පෞද්ගලික ජීවිතත් දැන් එළිපිට ෆේස්බුක් දානවා. අනෝමා ජිනාදරී යට ඇඳුමේ ඉඳලම ෆේස්බුක් දානවා. මට නම් හරි පුදුමයි… එක වෙලාවකට හිතෙනවා මිනිස්සුන්ට පිස්සුද කියලා.

නිල් චිත්‍රපට ඇමරිකාවෙ ගොඩක් ජනප්‍රියයි. සුමනා අක්කා කැමති නැද්ද ඒ චිත්‍රපටියක රගපාන්න?
මට ගොඩාක් අය කිව්වා ඔයාට ගොඩාක් හොඳට කරන්න පුළුවන් වෙයි. සල්ලිත් ගොඩාක් හම්බ කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් මම කැමති නෑ මගේ පරම්පරාවට මගේ රටට වරදක් කරන්න.


සංජක ප්‍රසාද් දොලේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button