දේශීය

“රටේ ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්නම අවශ්‍යය නැහැ”

- හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්

රටේ ජනතාවට සේවය කරන්ඩ අවශ්‍ය නම් එම සේවය දේශපාලනයට පිවිසෙන්නේ නොමැතිව සිදු කල හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසීය.

ඒ බව එම මහතා පවසා සිටියේ, ඔහු සාමාජිකත්වය දරණ ‘ගුණ ජය සතුට පදනම’ මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට 2019 නව පාසල් වාරය වෙනුවෙන් රුපියල් 2300 ක් වටිනා පොත් බෑග් කට්ටලයක් අද (05) හැටන් ඩි.කේ.ඩබ්ලිව්. ශාලාවේදි බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදීය.

මෙම මාධ්‍යය හමුවේදී අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු කිරිම සඳහා පමණක් බවත් ය.

රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව සිදු කර දේශපාලනයේදි නිසි තිරණ ගන්නේ නම් මේ රට මිට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවත්, මේ රටේ 45% ක ජනතාවක් ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔවුන්ගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට රටේ දේශපාලකයින් කටයුතු කල යුතු බවත් මුරලිදරන් මහතා කියා කියා සිටියා.

මේ රටේ දේශපාලකයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්වන දේශපාලකයන් බවත්, දේශපාලනය කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම් බියෙන් ජිවත් විමට අවශ්‍යතාවයක් නැති බවත් දේශපාලකයන් සම්බන්ධයෙන් මුරලිදරන් මහතා කියා සිටියා.

වර්තමානයේ ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රිඩකයන්ද වගකිය යුතු බවත් මුත්තයියා මුරලිදරන් මහතා එම මාධ්‍ය සාකච්චාව අතරතුර පවසා සිටියා.

එම මහතා වැඩි දුරටත් පවසා සිටියේ වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔවුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 කට වඩා වැඩි විය යුතු බවයි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button