දේශීය

පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වව්නියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙනි.

එහිදී අදාළ පොලිස් ඩමිය ඉදිරියට ගිය එක් තරුණයකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කර තිබිණි.

මේ පිළිබඳව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරණ ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනී සිටි පුද්ගලයාත් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

පොලීසිය සමච්චලයට ලක් කිරීම, පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබාදීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය ඉදිරිපත් කිරීමට පියවර ගැණිනි.


රොමේෂ් මධුෂංඛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button