දේශීය

උතුරේ SLTB සේවකයින් වර්ජනයක

අද (04) දින උතුරු පළා‍තේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා.

උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා මණ්ඩල ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ හතක සේවකයින් ‍එලෙස වැඩ වර්ජනයක නිරතවෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් පැවසූවේ යාපනය, කරෙයිනගර්, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත් බස් රථ ඩිපෝ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බවයි.

වැඩ වර්ජනයට එක්වු ‍සේවකයින් පැවසූවේ උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු අසාධාරණ අයුරින් සේවකයින්ට සළකන අතර සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සේවක පරිපාලනය කරන බවයි.

එබැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන ලෙසත් එලෙස නොවුවහොත් තමන් අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බවත් පැවසීය.

බස් සේවක වැඩ වර්ජනය හේතුවෙන් දුර ගමන් සේවා හා අන්තර් පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සියල්ල ධාවනය නොකරන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් පැවසීය.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button