දේශපාලන

ඖෂධ ජාවාරමෙන් රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය ඇමතිගේ සුවපති කිරුළ බිම වට්ටන  ඖෂධමාෆියාව.

අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරයාට ‘’සුවපති’’ කිරැළ පැළැන්දුවේ මීට මාස කීහිපයකට පෙරය. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ‘’සුවපති’’ කිරුළ දරද්දී මේ රටේ ඖෂධ මාෆියාව තවමත් හොදින් ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

එසේ කීම සදහා වන  සාධක අප සංවිධානය සතුව ඇත.

පාකිස්තානයේ Brooks Pharma සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Minoxin Plus යන වෙළද නාමයෙන් හදුන්වන ඖෂධය පාකිස්ථානයේදි අලෙවි කරනු ලබන සිල්ලර මිල පාකිස්තානු  රුපියල් 450/=කි. ලංකාවේ මුදලින් එය රුපියල් 590/= කි. නමුත් මෙම ඖෂධය Hemas pharmaceutical සමාගම ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ රුපියල් 5,679.00 ක මුදලකටය. ඒ අනුව එම ඖෂධය පාකිස්ථානයේ අලෙවි කරනු මිලට වඩා දසගුණයක් වන මුදලක් ගෙවා  ශ්‍රී  ලංකාවේ රෝගීන්ට මිලදී ගැනීමට සිදුව තිබේ.

Brooks Pharma ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබන Arnil නැමැති ජෙල් එක (Diclofenac Sodium 1%) ඔවුන් අලෙවි කරන මිල  රුපියල් 427.00 (20 g)කි. නමුත් එම ඖෂධය සොයා ගත් පරේෂක සමාගම( Innovator Brand) එම බෙහෙත අලෙවි කරනු ලබන්නේ රුපියල් 359.70 (20 g) ක මුදලකටය. තවද

Aminophylline Compound  ඖෂධය පරේෂක සමාගම අලෙවි කරන්නේ රුපියල් 150.50 (120 ml) කට වන අතර Brooks Pharma සමාගම Exalyn syr වෙළද නාමය යටතේ අදාල  ඖෂධය අලෙවි කරනු ලබන්නේ  රුපියල් 179.00 කටය.

මේ අනුව  අප රටේ ක්‍රියාත්මකවන ඖෂධ මාෆියාවේ දිග පළල හොදින් අවබෝධ කර ගත හැක. සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල වැඩි මිලකට අලෙවි කරනු ලබන්නේ පරේෂක සමාගමේ ඖෂධය වන අතර වෙනත් සමාගම් වල නිෂ්පාදන අලෙවි වන්නේ ඊට අඩු     මිලකටය. පාරිභෝගිකයින් පුරුදුව සිටින්නේ පරේෂක සමාගමේ ඖෂධය  මිල වැඩි නිසා වෙනත් සමාගම්වල නිෂ්පාදනය කරනු ලබන ඖෂධය මිලදී ගැනීමටය. එහෙත් පාරිභෝගිකයා මුලා කරමින් වෙනත් සමාගමේ  ඖෂධය වැඩි මිලට අලෙවි කරනු ලබයි. මෙය පාරිභෝගිකයා නොමග යැවීමකි.

වහාම මෙම තත්වය පාලනය කිරීම සදහා මැදිහත් වන ලෙස අප සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් ඔබගේ ‘’සුවපති’’ කිරුළ බිම වැටෙන්නට ඉඩ තිබෙන බවද  අවධාරණය කරමු.


රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

උපුටා ගැනීම – lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button