දේශපාලන

රනිල් ආයෙත් ආවොත් වෙන දේ ගැන අමරසේකර කියූ කතාව

රටේ බලය රනිල් වික්‍රමසිංහට යළිත් හිමි වුවහොත් එය රටට බරපතළ අනතුරුදායක තත්ත්වයක් උූද්ගත කරනු ඇතැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

හෙතෙම මෙම අදහස් දැක් වූවේ ඊයේ (12) ස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ මුණ ගැසුනු අවස්තාවේදීය.

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරුවන ආචාර්ය ගුණදාස අමරසේකර විස්න් රචිත “ධනවාදයට විකල්පයක් අප සතු මඟ” යන ග්‍රන්ථය අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ වෙත හෙතෙම පිළිගැන්වීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු පසුගිය රජය මේ වසර අවසන්විමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැලසුම් කර තිබූ බවද පෙන්වා දුන්නේය.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැදැක සිය ග්‍රන්ථය උන්වහන්සේට පිළිගන්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button