දේශීය

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි

රාජ්‍ය උත්සවය ජනවාරි 5

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය ලබන වසරේ ජනවාරි මස පස් වැනි (05) දින පෙරවරු 9.00 ට මාතලේ අළුවිහාරයේ දී මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙම රාජ්‍ය උත්සවයට සිව් දිගින් වැඩම කරවන මහා සංඝයා වහන්සේලා 2000ක්, අන්‍ය ආගමික නායකයින්, විදේශීය තානාපතිවරුන්, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්, බෞද්ධ සංවිධාන නියෝජිතයින් ඇතුළු හාරදහසකට පමණ ආරාධනය කෙරෙනු ඇත.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සවස පැවැත්විණි.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස දැනට ප්‍රකාශයට පත් කළ ද යුනෙස්කෝව සමඟ සාකච්ඡා කොට ඉදිරි කාලයේ දී එය ලෝක උරුමයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙහි දී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button