ව්‍යාපාරික

ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO) දශක අටකට ආසන්න කාලයක පටන් ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා ජාත්‍යන්තර සන්නාම සහ තාක්ෂණය ඔවුන් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කර ඇත. ඩීමෝ සමාගම ලොව නන්දෙස නිෂ්පාදකයන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති අතර යුරෝපීය සන්නාම වල නවීන තාක්ෂණය නිසාම එම සන්නාම නිරන්තරයෙන් ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත. මිචෙලින් යනු එලෙස මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයේ සන්නාමයක් බවට පත්ව ඇති ඩීමෝ සමග අත්වැල් බැඳගත් ප්‍රංශ සන්නාමයකි. මෙම ශක්තිමත් සබඳතාව සනිටුහන් කරමින් මිචෙලින් ටයර් බලයලත් බෙදාහැරීම් සමාගම වන ඩීමෝ සමාගම මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි.

මෙම මිචෙලින් මිනිසා 1898 වසරේ පටන් මිචෙලින් සන්නාමයේ මුහුණුවර ලෙස ලොව පුරා ප්‍රකට වූ අතර මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය 2018 වසරට යෙදේ. 1898 දී ගොඩනැගුනු මෙම චරිතය මිචෙලින් සහෝදරයන්ගේ සහ ඕ’ගැලොප් නමැති කාටූන් ශිල්පියාගේ අදහසකට අනුව නිර්මාණය විය. වසර ගණනක් පුරා මිචෙලින් මිනිසා ලොව පුරා පරම්පරා ගණනකගේ විශ්වාසය හිමිකර ගෙන ඇත.

මිචෙලින් මිනිසා උපත ලැබුවේ ප්‍රංශ ටයර් සමාගමේ නිර්මාතෘවරුන් වන ආන්ද්‍රේ සහ එඩුවර්ඩ් මිචෙලින් යන දෙදෙනාගේ පරිකල්පනයෙනි. 1894දී ලියොන්හි ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට සහභාගී වූ මෙම සහෝදරයෝ දෙපළ තම වේදිකාව ඉදිරියේ බයිසිකල් ටයර් ගොඩගසා තිබෙනු දුටුවහ. “මේ ටයර් ගොඩට අත-පය දෙකකුත් සවි කළා නම් මේකෙන් මිනිහෙක් නිර්මාණය කර ගන්න පුළුවන්” ඔවුහු කීහ. එම ප්‍රකාශයෙන් ඇරඹුණු ගමන එදා සිට අද දක්වා බොහෝ දුරක් පැමිණ ඇත.

මිචෙලින් මිනිසාගේ 120 වන ජන්ම දිනයට සමගාමීව ඩීමෝ සමාගම ශ්‍රී ලංකාව තුළ මිචෙලින් සන්නාමය තවදුරටත් ස්ථාපනය කිරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව ඩීමෝ සමාගම මෙම උත්සව සමයේ විශේෂ දීමනා ලබාදෙන අතර මිචෙලින් පාරිභෝගිකයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ද දියත් කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන ඩීමෝ සමාගම අනුග්‍රාහකත්වය ලබාදුන් කොළඹ රබර් වෙළදුන්ගේ සංගමයේ (CRTA) 100 වන සංවත්සර සැමරුමේදී නිල වශයෙන් දියත් කෙරිණි. ලොව රබර් කර්මාන්තය ටයර් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සම්පාදනය කිරීම තුළින් ජාත්‍යන්තර ටයර් කර්මාන්තය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බැවින් මිචෙලින් මිනිසාගේ 120 වන ජන්ම දිනය සැමරීම සඳහා මෙම උළෙල කදිම අවස්ථාවක් විය. මෙම අවස්ථාවට සහභාගී වූවන් හට විශේෂිත දීමනා හිමිකර ගැනීමටත් මිචෙලින් සන්නාමයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමටත් අවස්ථාව උදාවිය.

පාරිභෝගිකයා,පාර්ශ්වකරුවන්, පරිසරය සහ තත්ත්වයන්ට ගරු කිරීම සඳහාවන මිචෙලින් සමාගමේ හර පද්ධතීන් ජනතාව අතරට ගෙනයාම සඳහා මිචෙලින් මිනිසා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇත. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව වටිනාම් ටයර් සන්නාමය ලෙස අංක 1 ස්ථානය හිමිකර ගැනීමට මිචෙලින් සමත්ව සිටී. තාක්ෂණික පුරෝගාමිත්වය, නවෝත්පාදනය, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන, සේවා සහ ජවසම්පන්න සන්නාමය වෙනුවෙන් ඇති ධාරිතාව මැනවින් උපයෝගී කර ගනිමින් මිචෙලින් සමාගම සිය ව්‍යාපාරික කටයුතු වල සෑම අංශයක් ම ගෝලීය වශයෙන් වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරයි.

“ඩීමෝ සමාගම පසුගිය වසර 25කට අධික කාලයක පටන් මිචෙලින් සන්නාමය මෙරට බෙදාහරින එකම බලයලත් බෙදාහැරුම්කරු ලෙස කටයුතු කරයි. මෙරට ජනතාවගේ ජීවිතවල වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරන අතර ම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත දිනාගැනීම සඳහා ද ඩීමෝ සමාගම කැපවෙයි” යනුවෙන් ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඩීමෝ සමාගම සමග ඇති සවිමත් සබඳතාව හරහා මිචෙලින් සන්නාමය මෙරට සියලු පාරිභෝගික අංශවල අවශ්‍යතා සපුරාලිය හැකි ලෙස සිය මෙහෙයුම් කටයුතු පුළුල් කර ඇත. මෙරට මිචෙලින් ටයර් අලෙවිය වසරින් වසර වර්ධනය වී ඇති අතර යතුරුපැදි, මෝටර් රථ, ට්‍රක් රථ සහ බස්රථ ටයර් ඇතුළු ඩීමෝ සමාගම පිරිනමන මිචෙලින් ටයර් මාදිලි පෙළ මෙරට සියලු ප්‍රදේශ ආවරණය කර ඇත. මිචෙලින් සන්නාමය ඩීමෝ අසමසම විශ්වාසය සහ අලෙවියෙන් පසු සේවාව සමගින් වෙළඳපලට පිවිසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button