දේශපාලන

එජාප යුක්තියේ හඬ රැලියට ගිය ඉරාජ් නැවත හැරී එයි

ඊයේ විහාරමහාදේවි රංග පිටියේදී පැවති යුක්තියේ හඬ ප්‍රසංගයට විරෝධය පාමින් වසන්ත දුක්ගන්නාරාළ සහ ඉරාජ් වීරරත්න යන කලාකරුවන් එයින් ඉවත් ව ගොස් තිබෙනවා.

දේශපාලනයෙන් තොර යයි පවසමින් එම ප‍්‍රසංගය සදහා ආරාධනා කර තිබුණද එහිදී තනිකරම ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් දැඩි ලෙස විවේචනය එල්ල කරන එකක් වූ බව ඔවුන් චෝදනා කරනවා.

ප‍්‍රසංගය අතරතුරදීම එහි සිට ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කලේ බොරු කියා තමන්ව වේදිකාවට ගෙන්වූ බවත් රට බෙදන වැඩ වලට තමන්ම සහය වන්නට සූදානම් නැති බවත් එසේ කලහොත් මියගිය රණවිරුවන් තමනට සාප කරනු ඇති බවත් ය.

මේ අතර එම ප්‍රසංගය අතරතුරේ දී දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ප්‍රසංගයට පැමිණ සිටි පිරිසක් මැතිවරණයක් අවශ්‍ය යැයි කියමින් හැසිරෙන්නට වූ අතර අනෙක් පිරිස කියා සිටියේ මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි.

දෙපිරිස අතර උණුසුම් බහින්බස් වීමක් සිදු වූ අතර පොලීසිය ද මැදිහත් වී තත්ත්වය පාලනය කර පිරිස් ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button