දේශපාලන

“මම ජනාධිපති වුණා නම් මා ගැනම පොතක් ලියා ඒක මගේ දුවගේ නමින් පළ කරන්නේ නෑ….”

- ෆොන්සේකා කියයි

2010 වසරේදී තමා ජනාධිපතිවරණය ජයගනු ලැබුවා නම් සිදු කිරීමට සැලසුම් කළ ක්‍රියා සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මම ඡන්දය දිනුවානම් 2.50 වැඩ කරන්නේ නෑ. තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිවුණානම් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ කකුළෙන අදින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ පක්ෂයේ නායකත්වය භාර ගන්නේ නෑ.

මම ජනපතිවුණානම් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමති ලෙස කටයුතු කරන අවස්ථාවේදී කිසිම අවස්ථාවට රජයේ මුදිලින් විදේශ සංචාර සඳහා එක්වී නෑ. මම මාස 10ක් භාවිත කළේ මගේ පෞද්ගලික වාහනය.

මම ජනපති වුණානම් බිලියන 12ක් දාලා මගේ දිස්ත්‍රික්කය විතරක් සංවර්ධනය කරන්නේ නෑ. මම ජනපතිවුණානම් උදේට එකක් රෑට එකක් කියන්නේ නෑ. දවල් මිගෙල් රෑ දනියෙල් වැඩ කරන්නේ නෑ. මම ජනපතිවුණානම් මා ගැනම පොතක් ලියලා ඒක මගේ දුවගේ නමින් පළ කරන්නේ නෑ.

මම ජනපතිවුණානම් පණ බයේ කොහේ ගියත් කතා කරන්නේ නෑ. මම ජනපතිවුණානම් රංගේ කියලා මන්ත්‍රීවරුන් කොටා බාන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button