ව්‍යාපාරික

OPPO R-Series දුරකථන ළඟදීම ශ්‍රී ලංකාවට

ලොව ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකළ OPPO R-Series දුරකථන මාදිලි පෙළ ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම කටයුතු යොදා ඇත. මෙම දුරකථන මාදිලි එකතුව ලොව දුරකථන ඉතිහාසයේ වඩාත්ම කැපීපෙනෙන මාදිලි එකතුවක් විය හැකි බවට ඇතැම් අය විශ්වාස කරති. 2014 වසරේදී මුලින්ම හඳුන්වා දුන් මේ දුරකථන පෙළ යටතේ දැනටමත් දුරකථන වර්ග 10 කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වා දී ඇති අතර එම සෑම දුරකථන වර්ගයක්ම පෙරළිකාරී නව විශේෂාංග සහිත දුරකථන වීම විශේෂත්වයකි.

අනෙකුත් දුරකථන අතර බෙහෙවින් කැපීපෙනෙන නිමාව සහ විශිෂ්ට කැමරා තාක්ෂණයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන OPPO R-Series දුරකථන සමගින් OPPO සමාගම තරගකාරී ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනංවා ගැනීමට සමත් වී තිබේ.

නිමාව
OPPO R-Series දුරකථන යනු ‘මෙටලික්’ නිමාව සහ ‘Glass Gradients’ රටාවන් සමග වෙළඳපොළට පැමිණි ප්‍රථම දුරකථන අතරින් එක් මාදිලි පෙළක් ලෙස සැලකේ. එක සමාන සිල්වර්, ගෝල්ඞ් සහ රෝස් ගෝල්ඞ් වැනි වර්ණ සහිත ස්මාර්ෆෝන් වලින් වෙළඳපොළ පිරීගොස් තිබූ යුගයක OPPO විසින් 2016 වසරේදී ප්‍රථම වරට ‘මෙටලික් රෙඞ්’ වර්ණයෙන් OPPO R9 වෙළඳපොළට හඳුන්වා දෙන ලද අතර ඉන් අනතුරුව රතු සහ නිල් මිශ්‍ර කරමින් එහි ‘FC Barcelona edition’ හඳුන්වා දෙන ලදි. පසුව අලංකාර පෙනුමක් මෙන්ම ප්‍රායෝගික වටිනාකමක්ද සහිත ‘Crescent Curved’ නිමාව ඍ11 දුරකථනය එළිදැක්වීමට සමාගම කටයුතු කළේ ය. ‘රූබි රෙඞ්’ සහ ‘කොස්මික් පර්පල්’ වර්ණ හඳුන්වා දෙන ලද්දේ ඍ15 දුරකථන මාදිලිය සමගිනි.

කැමරාව
OPPO R-Series දුරකථන පෙළෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ මධ්‍යම මිල පරාසයේ පවතින දුරකථන වෙත විශිෂ්ටතම කැමරා තාක්ෂණයන් හඳුන්වා දීමයි. අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා විශිෂ්ට ඡායාරූප ලබාගන්නා කැමරා සහිතව මෙම දුරකථන වෙළඳපොළට පැමිණි පසු බොහෝ දෙනා සාම්ප්‍රදායික කැමරා සහිත දුරකථන වෙනුවට මෙම දුරකථන භාවිතයට යොමුවූහ. 2013 වසරේදී හඳුන්වා දුන් R1 දුරකථනයේ ඇතුළත් වූ f/2.0 කැමරා විවරය එවකට බොහෝ දෙනෙකු පුද්මයට පත්කළේ ය. තවද OPPO R11 දුරකථනය 20MP කැමරා සහිතව වෙළඳපොළට පැමිණි මුල්ම දුරකථන මාදිලි වලින් එකක් ලෙස සැලකේ.

ඇගයුම්
‘REAL, REVOLUTION and REFORM’ යන තේමාව මූලික කරගත් R-Series දුරකථන පෙළ හඳුන්වා දීමෙන් අනතුරුව OPPO සමාගම සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. 2015 වසරේ හිමිවූ ‘Most Respected Enterprise’ සම්මානය සහ 2018 වසරේ හිමිවූ . ‘Best User Experience Award of Telecommunication’ සම්මානය මේ අතරින් ප්‍රධානය.

R-Series දුරකථන පෙළ නිෂ්පාදනයේදී විවිධ නව තාක්ෂණයන් අත්හදා බැලීමට හා භාවිතා කිරීමට OPPO බොහෝ විට උත්සාහ දරා තිබේ. OPPO යනු නිරන්තරයෙන් නව්‍යකරණය සහ වර්ධනය කෙරෙහි මූලිකත්වය දෙන සමාගමක් වන අතර මෙම ගුණාංග R-Series දුරකථන පෙළ තුළ මැනැවින් නිරූපණය වී ඇත.

R-Series දුරකථන එකතුවේ සෑම නව මාදිලියක්ම ඊට පෙර මාදිලියෙන් ආභාෂය ලබා, තවත් පියවර කිහිපයක් ඉදිරියට යාමට සමත් වූ මාදිලියක් බවට පත්වී තිබේ. මෙහි නවතම මාදිලිය වන OPPO R17 Pro සමගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හිමිවනුයේ මෙම විශිෂ්ටත්වයම ය. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ට විශිෂ්ට නිමාවක්, විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සහ විශිෂ්ට කැමරා තාක්ෂණයක් සහිත සුවිශේෂී නව දුරකථන පෙළක් මිලදීගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button