ව්‍යාපාරික

තරුවක සිනහවක රහස දිගුකල් පවතින බැටරියයි

OPPO සමාගමේ නවතම දුරකථනය වන OPPO A7 නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාවට රටේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තුරුණු තරු තුනක් වන නදීමාල් පෙරේරා. සඳනි ප්‍රනාන්දු සහ සචිනි නිපුන්සලා සහභාගී වූහ.

නදීමාල් පෙරේරා රටේ සුප්‍රකට සංගීත පවුලකින් පැවත එන තරුවකි. සඳනි ප්‍රනාන්දු, තුත්තිරි සහ හාරකෝටිය ටෙලිනාට්‍ය වල රඟපා විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින අතර සචිනි නිපුන්සලා ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වන්නී ය.


OPPO A7 ගැන නදීමාල් තම හඬ අවදි කළේ මෙපරිද්දෙනි. “දැන් සති කීපයක් තිස්සේ මම මේක පාවිච්චි කරනවා. ඇත්තටම හොඳ ෆෝන් එකක් කියන්නේ ජීවිතේට කොච්චර වැදගත් දෙයක්ද කියන එක මට ඒ සති කීපයේදී වැටහුණා. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් නින්දට යනකල්ම ෆෝන් එක මා ගාව. සංගීත ක්ෂේත්‍රයේ ශිල්පියෙක් විදිහට මම ගොඩක් කාර්ය බහුලයි. ශබ්දාගාර වලට වගේම තවත් ගොඩක් තැන්වලට මට නිතර යන්න එන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට රෑ එළිවෙනකල්ම සංගීත සංදර්ශනවල ඉන්න සිද්ධ වෙනවා. මේ කාර්ය බහුලත්වය අස්සේ මට මගේ පවුලේ අය, හිතවතුන් සහ රසික රසිකාවියන් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන යන්නත්, ජීවිතේ වැදගත් සිදුවීම් අනික් අයත් එක්ක බෙදාහදා ගන්නත් අවශ්‍යයි. ඒ නිසා හොඳට චාර්ජ් එක රැඳිලා තියන ෆෝන් එකක් මට ගොඩක් වැදගත්. OPPO A7 එකේ තියෙන්නේ 4230mAh බැටරියක් නිසා මට charge එක ගැන වදවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”


මීට පෙර OPPO A සහ F මාදිලි එකතු වල දුරකථන සඳහා ලැබුණු දැවැන්ත රසික ප්‍රතිචාරය OPPO A7 සමගින් තවත් ඉහළ යනු ඇතැයි OPPO සමාගම අපේක්ෂා කරයි. විශේෂාංග රාශියක් සමගින් පැමිණෙන OPPO A7 මධ්‍යම මිල පරාසයේ දුරකථන අතර සුවිශේෂී දුරකථනයක් බවට පත්වනු ඇත. එය නවීන තාක්ෂණයත් අලංකාරයත් සමගින් තරුණ පරපුරට මැනැවින් ගැළපෙන ලෙස නිපදවා ඇති දුරකථනයකි.


“OPPO A7 ෆෝන් එකේ water-drop effect එක තියන ස්ක්‍රීන් එකට මම ගොඩක් ආසයි. ඇත්තටම මට ඒ ස්ක්‍රීන් එක දකින එකත් සතුටක්. දවසේ හැම තිස්සෙම මගේ ෆෝන් එක යාළුවෙක් වගේ ළඟින් ඉන්නවා. දවස තිස්සෙම ගැටලුවක් නැතිව චාර්ජ් එක රැඳිලා තියන එක මට ලොකු පහසුවක්. මගේ එදිනෙදා ජීවිතයේ ගොඩක් දේවල් වලට මේ ෆෝන් එක උදව් වෙනවා. යාළුවොත් එක්ක චැට් කරන්න, සෙල්ෆි ගන්න වගේ හැම දේකටම 4230mAh බැටරිය ඔට්ටුයි.”ඒ සචිනි නිපුන්සලාගේ අදහස් ය.



“රඟපෑම් වගේම පුද්ගලික ජීවිතේ වැඩයි සමාජ වැඩ කටයුතුයි එක්ක මම ගොඩක් කාර්යබහුලයි. ළඟදී මට මේ හැම දේටම උදව් වෙන අලුත් යාළුවෙක් මුණගැහුණා. ඒ තමයි OPPO A7 ෆෝන් එක. ඒක හරිම විශේෂ, අපූරු ෆෝන් එකක්. මම හිතන්නේ ඒකෙ තියන හොඳම ෆීචර් එක තමයි 4230mAh බැටරිය. මගේ දවස ගොඩක් කාර්ය බහුලයි. උදේම මම ෆෝන් එක සම්පූර්ණයෙන් චාර්ජ් කරගෙන ජිම් එකට යනවා. එතනින් එහාට දවස පුරා රඟපෑම් නැත්නම් ෆොටෝ ෂූට් වගේ ගොඩක් දේවල් කරන්න වෙනවා. ඉස්සර නම් මට මේ වැඩ අස්සේ මගේ ෆෝන් එක චාර්ජ් කරන්න වුණා. මොකද මොන දේ කළත් මගේ රසිකයෝ එක්ක සම්බන්ධ වෙන්න, මැසේජ් කරන්න, චැට් කරන්න, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් එහෙම යන්න, වීඩියෝ බලන්න ෆෝන් එක අවශ්‍යයි. OPPO A7 එක්ක ඒ සේරම කරන්න පුළුවන්. ඒ වගේම ඩුවල් කැමරා තියන නිසා මට දැන් ලස්සනට ෆොටෝ ගන්නත් පුළුවන් වෙලා තියනවා. 16MP කැමරාවටත් මම ගොඩක් කැමතියි. ලස්සනම ලස්සන සෙල්ෆි ගන්න කවුද අකමැති? ලොකු ස්ක්‍රීන් එක වගේම water drops ඩිසයින් එක නිසා වීඩියෝ සහ ෆොටෝස් හරිම හොඳට බලාගන්න පුළුවන්. ඒ වගේම කොච්චර කාර්ය බහුල වුණත් මම වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න අමතක කරන්නේ නැහැ. දැන් ඉතින් OPPO A7 එකේ බැටරියේ චාර්ජ් එක ගොඩක් වෙලා පවතින නිසා කිසි දෙයක් ගැන වද නොවී මට මේ සේරම කරන්න පුළුවන්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම කියන්නේ OPPO A7 එකේ හොඳම අංගය මේ ලොකු බැටරිය කියලයි.” සඳනි ප්‍රනාන්දු එසේ පැවසුවා ය.

අධික ලෙස තම දුරකථන භාවිතා කරන තරුණ පරපුරට ඒවායේ බැටරියේ ආරෝපණය ඉක්මනින් බැස යාම කලක පටන් ගැටලුවක් වී පැවතිණි. විශේෂයෙන්ම මධ්‍යම මිල පරාසයේ දුරකථන සඳහා විශාල ප්‍රමාණයේ බැටරියකට පැවතියේ දැඩි ඉල්ලුමකි. මීට විසඳුමක් ලෙස හඳුන්වා දී ඇති OPPO A7 දුරකථනයේ බැටරිය සාමාන්‍ය භාවිතය යටතේ දින 2 ක පමණ කාලයක් රඳා පවතී. ඇත්ත වශයෙන්ම මේ 4230mAh බැටරිය නිසා ඉක්මනින් ආරෝපණය බැස යාම සම්බන්ධ මැසිවිලි සම්පූර්ණයෙන්ම අවසන් වනු නිසැක ය. මේ සියලු සාධක අනුව OPPO A7 දුරකථනයේ ජනප්‍රියත්වයට එහි ඇතුළත් 4230mAh බැටරිය බෙහෙවින් බලපානු ඇති බවට කිසිදු සැකයක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button