දේශීය

උඩවලව ඇත් අතුරු සෙවන ආසන්නයේදී මුගලන්ව වෙඩි තබා ඝාතනය කරයි

උඩවළව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ මුගලන් හස්තියා අද (01) අලුයම වෙඩි තබා ඝාතනය කර ඇති අතර, උඩවළව ජාතික උද්‍යානයේ ජීවත් වූ ලාබාල එහෙත් සුවිශේෂී දළ යුවළකින් හෙබි මෙම හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තාවන්නේ.

අද (01) අලුයම 2ත් – 3ත් අතර කාලයේ දී මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි වනජීවී කාර්යාල නිලධාරීන් සැකපළ කරන්නේ.

අඩි 07ක් පමණ උසින් යුතු මුගලන්, බොහෝ විට උඩවළව ජලාශයේ පිටවාන ආශ්‍රිත නිතර දැකගත හැකිව තිබෙනවා.

මෙම සුවිශේෂ ඇත් පැටවා ඊයේ අලුයම 1.30ට පමණ ද වනජීවී මුර සංචාර කණ්ඩායමක් ඉහත ප්‍රදේශයේ දී නිරික්ෂණය කර තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත් ඉන් අනතුරැව බවයි වනජීවීය සැක පළ කරන්නේ.

ඒ අනුව උඩවළව, තණමල්විල මාර්ගයේ සිට වෙඩි තබන්නට ඇතැයි ද මේ වනවිට සැක පහළ වී තිබෙනවා.

ඇතාගේ නළලට හා එක් කනක් ආසන්නයට වෙඩි වැදි තිබෙන අතර නළලට වැදුණු වෙඩි පහරින් ඇතා මිය යන්නට ඇතැයි වාර්තා වනවා.

ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට නිමිතව ඇති බවයි වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


නයනක රන්වැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button