දේශීය

PMB රයිස් දැන් වෙළඳපොලේ

වී අලෙවි මණ්ඩලය පළමු වතාවට සහල් වෙ‍ළෙඳපොළට අවතීර්ණ වෙමින් සිය මුල් සහල් නිෂ්පාදන තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම ඊයේ(29) නිල වශයෙන් සිදුකෙරුණි.

එය සංකේතවත් කරමින් ‘පී.එම්.බී.රයිස්’ වෙළෙඳනාමය යටතේ එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පිළිගැන්වුණේ ජනාධිපති කාර්යාලයේදීය.

ඉහළ ‍ප්‍රමිතියෙන් යුත් සහල් රට පුරා පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය ද මෙහි තවත් අරමුණක් බව වාර්තා වෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධක සංගම් මඟින් ජනතාවට මෙම පී.එම්.බී. සහල් නිෂ්පාදන ඉදිරියේදී ලබා ගත හැකි බවත්, රටේ සහල් අවශ්‍යතාව අනුව සාධාරණ මිලකට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button