දේශීය

මීදුමට මුවා වෙමින් එන කලු පුල්ලි අංගමාරය

අධීක වර්ෂාව හා මීදුම හේතුවෙන් තේ වගාවට වැළදී ඇති කලු පුල්ලි අංගමාරය හෙවත් “බ්ලිස්ටර් බ්ලයිට්” (Blister Blight)  නැමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් පිටමාරුව, එළමාන, මඩොල්සිම, කොකාගල ආදී ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන්ගේ දෛනික ආධායම සියයට 50-75 අතර ප්‍රමානයකින් පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියෝ පවසති.

මේ දිනවල නොකඩවා ඇද හැලෙන මහ වැසි හා පැය 24 පුරාම පවත්නා මිහිදුම් තත්ත්වය මීට හේතුවී ඇතැයි  වටගොම්මන කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ  ආර්.එම්. ජයතිලක මහතා පැවැසීය.

මේ වන විට බලාපොරොත්තු නොවූ අන්දමින් මේ ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන බවත් එක දිගටම පවතින වැස්ස වගේම මීදුම තේ වගාවට හිතරකර නොමැති බවත් ඔහු පවසයි.

විශේෂයෙන්ම මේ තත්ත්වය මත තේ වතු රැසක තේ දලු හා පත්‍ර වල පුල්ලි  තත්ත්වයක් හට ගෙන තිබෙන අතර එම දලු මැලවී කඩා වැටෙන බවත් ගොවියන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවත් ඔවුන් පවසයි.

මේ තත්ත්වය මත දලු නෙලීමේ කටයුතු අඩාල වි තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button