දේශීය

සාමාන්‍ය පෙළ සිසුන්ට පණිවිඩයක්

සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග පොර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විභාග ප‍්‍රවේශ පත‍්‍ර මේ වනවිට තැපැල් මඟින් යවා තිබෙන අතර අයදුම්පත් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකි බව සඳහන් කරමින්.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වනදා ආරම්භ විමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විභාගය දෙසැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කර සිටියේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 4661කදී විභාගය පැවැත්වෙනු ඇති.

මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හය ලක්ෂ 56,641දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් හාරලක්ෂ 22,850දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.

විභාගයට පෙනී සිටින, පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 33791කි.

විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව සඳහන්.

විභාගයට පෙනී සිටින සියලු අයදුම්කරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වන විට යොමු කර අවසන් බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button