කලා

2018 රූපවාහිනී කලා ජාතික සම්මාන උළලේ “යාවජීව” සම්මානයනේ පිදුම් ලැබූ, රූපවාහිනී ඉංජිනේරු තුසිත මුනින්ද්‍රදාස මහතා

ඉන්ජිනේරු තුසිත මුනින්ද්‍රදාස

ක්‍රිස්තු වර්ෂ 1944 නොවැම්බර් මස 26 වන දින කොලඹ දී ජන්මය ලැබූ තුසිත මුනින්ද්‍රදාස 1971 වසරේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට තාක්‍ෂණ නිලධාරියෙක් ලෙස බැදුනු මොහු සහජයෙන් ලත් කලා හැකියාවන් විෂදය කරමින් සිංහල අංශයේ සහන නිවේදකයකුව කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නාලිකාව වන ස්වාධීන රූපවාහිනී නාලිකාව රජයට පවරා ගැනීමත් සමඟම ඊට සම්බන්ධ වන මොහු කැමරාකරණය, අලෝකකරණය, සංස්කරණය ආදී ශිල්පයට දක්‍ෂයෙකු විය. තාක්‍ෂන කාර්යයන්ට මෙන්ම වැඩසටහන් අධ්‍යක්‍ෂණයට ද පසුව යොමු වූ මොහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉංජිනේරු අංශයට බඳවාගත් නවක නිලධාරීන් පුහුණු කිරිමේ පුරෝගාමියාද විය. ලාංකීය රූපවාහිනියේ කඩඉමක් සටහන් කරමින් ඇරඹෙන ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු වලට ජපන් ඉංජිනේරුවන් සමඟ උරෙන් උර ගැටී තාක්‍ෂණික උපකරණ සවිකිරීම හා විකාශනාගාර නිම කිරීමට තරම් මෙතුමා දක්‍ෂයෙක් විය. 1982 පෙබරවාරි මස 15 වෙනි දින ආරම්භ වූ ජාතික රූපවාහිනයේ අරම්භයත් සමඟ ඊට සම්බන්ධ වන මොහු, අලෝකරණය හා තාක්‍ෂණ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සිය සේවය රූපවාහිනිය වෙත ලබා දුනි. පසුව ප්‍රධාන පාලක මැදිරි භාර ජේ්‍යෂ්ඨ යටතේ ජේෂ්ඨ කාර්මික නිලධාරියකු ලෙස තම සේවය මෙම ක්ෂේත්‍රයට ලබාදෙන ලදි.

ජාතික රූපවාහිනියේ විකාශය වූ ප්‍රථම ප්‍රාසාංගික ටෙලිනාට්‍ය වූ ලාහිරු දහසක් ටෙලි වෘතාන්තයේ ආලෝක අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරමින් සුවිශිත්ව වාර්තාවක් මොහු විසින් තබන ලදී. ඉක්බිතින් රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ පළිඟු මැණිකේ, යශෝරාවය, එරබදු මල්, අත්ත බිදෙයි සහ පලායෑම ආදී ප්‍රාසාංගික ටෙලිනාට්‍ය සඳහා සිය තාක්‍ෂණ හා නිර්මාණශීලී දායකත්වය ලබා දී තිබේ. රූපවාහිනිය මාධ්‍යය සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද වේදිකා නාට්‍යයන් වන කැළණි පාලම, කුවේණි, හුණුවටයේ කතාව, වැනිසියේ වෙලෙන්දා. දෙපානෝ, බෙරහඬ, මායාදේවි, අත්, හපනා ආදි ප්‍රසිද්ධ නාට්‍ය රැසකම මෙන්ම රාජ්‍ය උත්සව, රාජ්‍ය සම්මාන උළෙල හා එවකට ඉතාමත් ජනප්‍රිය වැඩසටහන් වූ නන්දන වින්දන සහ සවසංගීත වැඩසටහන්වල අලෝකරණ හා තාක්‍ෂණ අධ්‍යක්‍ෂවරයා විය. තවද ප්‍රථම සාෆ් ක්‍රීඩා උලෙළ විකාශයේදී ප්‍රධාන පාලක මැදිරිය භාර ජේ්‍යෂ්ඨ කාර්මික නිලධාරියා ද, සජීවී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ, ආසියාතික රග්බි තරඟාවලිය ආදි බොහෝ ජාත්‍යන්තර තරඟවල රූපවාහිනියේ තාක්‍ෂණය භාර නිලධාරියෙකු ද වීමට තරම් මොහු භාග්‍යවත් විය. රූපවාහිනි කේෂ්ත්‍රය පිළිබඳ වැඩිපුර හැදැරීම සඳහා ජපානය, මැලේසියාව, එංගලන්තය, ඉතාලිය යන රටවල් කීපයකටම සංචාරය කර ඇත. තුසිත මුනින්ද්‍රදාසයන් සිය වෘත්තීය ජීවිතයේ ඉහලම කඩඉම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ ඉංජිනේරු මැදිරි වශයෙන් ද ඊට අමතරව අධ්‍යක්‍ෂ ඉංජිනේරු පර්යේෂණ හා සැලසුම් වශයෙන් රූපවාහිනි ක්ෂේත්‍රයට අනූපමේය දායකත්වයක් සපයා, 2001 ජූනි මසයේදී තම වෘත්තීය ජීවිතයට සමුදෙන ලදි.

එහෙත් එයින් නොනැවතුනු මොහු මේ දක්වා තරුණ පරපුරට රූපවාහිනි ක්ෂේත්‍රය පිළිබඳ මගපෙන්වමින් දැනුම, ලබාදීම සඳහා ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ සද්කාර්යකට මේ දිනවල දී නිරතව සිටියි. රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇති, එක් කේෂ්ත්‍රයකට පමණක් සීමා නොවි විවිධ දිශානති ඔස්සේ සිය නිර්මාණ දායකත්වය දැක්වූ කෘතහස්ත නිර්මාණ වේදියාණනි සැබවින්ම ඔබ මුළුමහත් රට ජාතියටම සුසමාදර්ශයකි. රූපවාහිනි කේෂ්ත්‍රයේ නිම් වළලු පුළුල් කරමින් රූපවාහිනි කේෂ්ත්‍රයට සුවිශේෂ සේවාවක් ඉටුකළ ප්‍රවීණ තාක්‍ෂණ නියමු,

ඉංජිනේරු තුසිත මුනින්ද්‍රදාස මැතිතුමනි

ඔබතුමන්ට චිරං ජයතු….

 


රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල සංවිධානය කරන්නේ – ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *