දේශීය

වව්චර් වෙනුවට යළිත් නිල ඇඳුම් සඳහා රෙදි

2019 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා වවුචර්පත් ලබාදීමේ නව ක්‍රමවේදය නවතා දමා පැරණි ක්‍රමවේදයට නිලඇඳුම් සඳහා රෙදි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

නිදහස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීම වෙනුවෙන් හතළිස් පන් ලක්ෂයක් වූ සියලු දූ දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම 1993 සිට මේ දක්වා වසර 25ක කාලයක් පුරා රජය විසින් සිදුකරනු ලබයි.

මෑතක සිට අනුගමනය කරන ලද වවුචර්පත් ක්‍රමවේදයට සාපේක්ෂව දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාගෙන ඒවා පෙර පැවති ආකාරයට සිසුන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන ඇතැයි රජය විසින් ප්‍රකාශ කර ඇත.

එම ක්‍රමවේදය යටතේ එක් රෙදි මීටරයකින් රුපියල් 50ක පමණ ඉතිරියක් පැවතීම සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් රෙදි ලබාගැනීමෙන් විදේශ විනිමය ද ඉතිරි වීම යන කරුණු සලකා බලා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.


හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button