විදේශීය

ඇස්ටන් මාටින් සමාගමෙන් පෞද්ගලික ගුවන් යානයක්

ලෝක ප්‍රකට වාහන නිෂ්පාදන සමාගමක් වුණු ඇස්ටන් මාටින් සමාගම අලුත් වැඩකට අත ගහලා තිබෙනවා. ඒ තමයි සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය. ඔවුන් නිෂ්පාදනය කරලා තියෙන්නේ පෞද්ගලික ගුවන් යානයක්. ඔවුන් මේ කුඩා සැහැල්ලු ගුවන් යානය නම් කරලා තියෙන්නේ “flying car” කියලයි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රිය ආකාරයෙන් නිෂ්පාදනය කරලා තිබෙන මේ ගුවන් යානයේ එක් වර තුන් දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. පොළොවේ ධාවනය කරන වාහනයකට වඩා පහසුවෙන් මෙම ගුවන් යානය පියාසර කරවීම පුහුණු වෙන්න පුළුවන් කියලා ඇස්ටන් මාටින් සමාගම කියනවා. ඒ වගේම මෙම යානය පැයට කිලෝ මීටර් 350 ක විතර වේගයෙන් ගමන් කරන්නත් පුළුවන්. අධික වාහන තදබදයෙන් මිදිලා ගමන් බිමන් යන්න මේ සැහැල්ලු ගුවන් යානය හොඳ උපක්‍රමයක් බව කියන ඔවුන් වසර 2030 වනවිට මෙය ලෝක වෙළෙඳපොළට එක් කරන්නත් තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button