ව්‍යාපාරික

OPPO A7 දුරකථනය ළඟදීම ශ්‍රී ලංකාවට

A Series දුරකථන මාදිලි පෙළෙහි විශිෂ්ටත්වය සමගින් වඩා බලවත් බැටරියක්, අලංකාර නිමාවක් මෙන්ම කැමරා සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයද සහිතයි

මෙම මස අගදී නව OPPO A7 දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව OPPO Sri Lanka සමාගම නිවේදනය කළේ ය. වඩා බලවත් බැටරියක්, අලංකාර නිමාවක් මෙන්ම කැමරා සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයද සහිතව පැමිණෙන මෙම නව දුරකථනය සහනදායී මිලකට ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රථම වරට බලවත් බැටරි සමග සහනදායී මිලගණන් හඳුන්වා දුන් OPPO A Series දුරකථන පෙළ, ආරම්භයේ පටන්ම වැඩියෙන්ම අලෙවි වන OPPO දුරකථන පෙළක් බවට පත්වී තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සහිත 16 Mega-Pixel ඉදිරිපස කැමරාවක් සහ 2.0 හා 13MP+2MP ද්විත්ව පසුපස කැමරා ද, 4230mAh විශාල ප්‍රමාණයේ බැටරියක් ද ඇතුළුව අතිනවීන විශේෂාංග රැසක් සහිත, ඉතාමත් තාත්වික සහ අලංකාර සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලබාදෙන නව OPPO A7 දුරකථනය රට පුරා පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු නිසැක ය.

“ද්විත්ව කැමරා, පූර්ණ තිරය. ආරෝපණය දිගුකල් පවතින බැටරිය වැනි විශේෂාංග සමගින් සහනදායී මිලකට ලබාගත හැකි දුරකථනයක් වෙළඳපොළේ නොපැවතීම තරුණ පරපුරට මෙතෙක් අඩුවක් වී පැවතුණා. OPPO A7 දුරකථනය මගින් ඒ අඩුව සපිරෙනවා. ආරෝපණය දිගුකල් පවතින බැටරිය නිසා කෙනෙකුට නිදහසේ තම ජීවිතේ සොඳුරු මතකයන් දවස පුරා ඡායාරූපයට නැගීමට පුළුවන්.” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

මෙතෙක් බොහෝ දෙනෙකුට පැවති ගැටලුවක් වන, ස්මාර්ට් දුරකථන වල බැටරිය ඉක්මනින් බැස යාමේ ගැටලුව නව දුරකථනයේ ඇති 4230mAh බැටරිය නිසා විසඳෙනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුර තම දුරකථන විවිධ අරමුණු වෙනුවෙන් නිතර භාවිතා කරන නිසා, OPPO A7 ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවට සැකයක් නැත.

මෙහි සුවිශේෂී Waterdrop Screen සැලසුම තුළ ඉදිරිපස රිසීවරය, කැමරාව සහ ලයිට් සෙන්සරය ඉතා කුඩා ඉඩක ස්ථානගත කර ඇති නිසා දුරකථනයට වැඩි අලංකාරයක් ලැබී ඇති අතර දර්ශන තිරය සඳහා වැඩි ඉඩක්ද වෙන්වී තිබේ. මෙහි කැමරාව සහ ෆ්ලෑෂ් ලයිට් එක යොදා ඇත්තේ ජල බින්දු දෙකක් එකිනෙක යාවන ආකාරයෙනි.

OPPO A7 දුරකථනය නොවැම්බර් මාසය තුළ එළිදැක්වීමෙන් අනතුරුව එය අනෙකුත් A Series සහ F Series දුරකථන මාදිලි මෙන්ම මෙරට පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප්‍රිය වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි. විශේෂයෙන්ම විලාසිතාවන් අගයන තරුණ පරපුරට අතිනවීන අංග රැසක් සමගින් සහනදායී මිලකට දුරකථනයක් මිලදීගැනීමේ අවස්ථාව ලබාදීම මගින් OPPO A7 දුරකථනය මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොළට නව ආදර්ශයක් සපයනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button