දේශීය

ත්‍රිරෝද රථ ගාස්තුවටත් මිල සූත්‍රයක්

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මිල සූත්‍රයකට අනුව ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි. වර්තමානයේ දෙවැනි කිලෝමීටරයට රියැදුරන් විසින් අමතරව රුපියල් 10, 5 සහ 2 ආදී වශයෙන් වෙනස් මිල ගණන් අයකිරීම මේ සඳහා ආසන්තම හේතුව බව ඔහු සඳහන් කරයි.

නිසි ප්‍රමිතියකින් යුතු ගාස්තු මීටරයක් සෑම ත්‍රිරෝද රථයකටම සවි කරන්නේ නම් රියැදුරාට අවශ්‍ය පරිදි එහි මිල වෙනස් කළ නොහැකිය. ඒ සඳහා එම ආයතනයටම යා යුතුය. එමනිසා එවන් විධිමත් ක්‍රමවේදයක් ඇත්නම් රියැදුරාට මෙන්ම පරිභෝගිකයාටද එය පහසුවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.


සමිත් මදුවන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button