ක්‍රීඩා

යොවුන් ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගෙනා අපේ කෙල්ල ෂෙලින්ඩා ජැන්සන්

සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුව මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ 3 වන හොඳම කාලය වාර්තා කිරීමට මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට එක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන ෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා.

මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ දෙවන මූලික වටයට එක්වුණු ෂෙලින්ඩා ජැන්සන් තරඟය නිම කලේ පළමුවැන්නා ලෙසයි. ඇය මීටර 200 ධාවන කාලය තත්පර 24.7ක් ලෙස වාර්තා කර තිබුණා.

මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට එක්වූ ක්‍රීඩිකාවන් අතරින් කාළ ගණනයට අනුව ඇයට හිමිව ඇත්තේ ලෝකයෙන්ම 9 වැනි ස්ථානයයි. ඇය මෙම ඉසව්වේදී වාර්තා කළ කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලයයි.

සුසන්තිකා ජයසිංහ – 23.18 – 1994 වර්ෂයේදී
දමයන්ති දර්ශා – 23.21 – 1994 වර්ෂයේදී
‍ෂෙලින්ඩා ජැන්සන් – 24.07 – 2018 වර්ෂයේදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button