විදේශීය

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ පෝල් ඇලන් සමු ගනියි

Lymphoma පිළිකා තත්වයක් හේතුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ පෝල් ඇලන් අවුරුදු 65ක දිවි ගමන නිමකරමින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙම අභාවය ගැන අදහස් දක්වමින් සමාගමේ අනෙකුත් සම නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් පවසා සිටියේ ඔහු නොසිටින්නට පර්සනල් කම්පියුටර් යන සංකල්පය බිහි නොවන්නට තිබූ බවයි.

පෝල් ඇලන් 2009 වසරේදී ඔහු සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමෙන් පසුව මීට දෙසතියකට පමණ පසු යළි රෝගය උත්සන්න වී තිබෙනවා.

තමාගේ පැරණිම හා හොඳම මිතුරාගේ අභාවය ගැන ඉතාමත්ම කනගාටුවන බවද බිල් ගේට්ස් පවසා ඇත.

වර්ෂ 1975 දී සිය පාසල් මිතුරා වූ බිල් ගේට්ස් සමග Microsoft සමාගම ආරම්භ කිරීමත් සමග පෝල් ඇලන් සාර්ථකත්වයට පත්විය.

තමා Lymphoma තත්ත්වයකින් පෙළෙන බව වර්ෂ 1983දී මුලින්ම දැනගත් පසු ඔහු සමාගමෙන් ඉවත් විය.

කෙසේ වෙතත්, ප්‍රතිකාරවලින් පසුව සුවය ලැබූ ඔහු නැවත වර්ෂ 1986 දී වුල්කැන් නමින් මාධ්‍ය හා සන්නිවේදන ආයෝජන ආයතනයක් ආරම්භ කළේය.

එමෙන්ම, පෝල් ඇලන් තම පෞද්ගලික ධනස්කන්ධයෙන් විද්‍යාව, අධ්‍යාපනය සහ වනජීවී සංරක්ෂණය වැනි කටයුතු වෙනුවෙන් ඇ.ඩො. බිලියන 2කට වැඩි මිදුලක් පරිත්‍යාග කළ අයෙකුද වෙයි.

එමෙන්ම, තම මරණයෙන් පසුව තමාගේ ධනස්කන්ධයෙන් වැඩි කොටස පුණ්‍ය කටයුතුවලට යොදවන ලෙසද ඔහු සිය අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button