ව්‍යාපාරික

OPPO ස්මාර්ට්ෆෝන් Premium කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස නම්කෙරේ

2018 ඔක්තෝබර් 08, කොළඹ: OPPO ස්මාර්ට්ෆෝන්, ‘Lower Premium’ කාණ්ඩයේ ප්‍රමුඛතම දුරකථන ලෙස නම්කිරීමට Counterpoint පර්යේෂණ ආයතනය පසුගියදා කටයුතු කළේ ය. වෙළඳපොළේ අධික තරගකාරීත්වය මැද පවා ක්‍රමක්‍රමයෙන් ඉදිරියටම පැමිණීමට OPPO සමත් වී ඇති බවට මෙය මනා සාක්ෂියකි. දැනට OPPO සමස්ත අලෙවිය අතරින් 95% ක්ම සිදුවනුයේ එහි මවු රට වන චීනයේදී වන අතර, ඉදිරියේදී ලොව පුරාම තරුණ පරපුර අතර පැතිරෙමින් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අවස්ථාව OPPO සතු බව මින් පෙනී යයි.

ඉහළ මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ මිල පරාසය සහ මුල් නිෂ්පාදකගේ වෙළඳපොළ කොටස (මූලාශ්‍රය: Counterpoint)
“අප සෑම විටම උත්සාහ කරන්නේ ලොව නවතම තාක්ෂණයන් පාරිභෝගිකයන් වෙත සමීප කරවමින්, ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදිව සපුරාලීමටයි. ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ තුළ අප මෙතරම් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව Counterpoint වාර්තාව මගින් අනාවරණය වීම අපට මහත් සතුටක්.” OPPO Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

2018 වසරේ දෙවැනි කාර්තුව තුළ ඉහළ තලයේ සමාර්ට්ෆෝන් දුරකථන වෙළඳපොළ 7% කින් වර්ධනය වී ඇති බවත්, එම දුරකථන අපනයන කිරීම විශාල වශයෙන් වැඩිවී ඇති බවත් Counterpoint වාර්තාව පෙන්වා දෙයි. ඩොලර් 400 – 600 මිල පරාසයේ ස්මාර්ට්ෆෝන් අපනයන වෙළඳපොළ 10% ක ප්‍රතිශතයකට හිමිකම් කීමට OPPO සමත් වී ඇත. සමස්ත වෙළඳපොළේ 22% ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමටද OPPO සමත් වී ඇති අතර Apple, Samsung, Huawei, Xiaomi ඇතුළු අනෙකුත් සන්නාම සිටිනුයේ ඊට පසුපසිනි. ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන් සඳහා ලොව විශාලතම වෙළඳපොළ වන චීන වෙළඳපොළේ ප්‍රථම ස්ථානය Apple වෙත හිමිවී ඇති අතර දෙවැනි ස්ථානය හිමිවී ඇත්තේ OPPO වෙත ය. චීන නිෂ්පාදකයන් මෙම වසරේදී සිට ප්‍රමුඛතම නිෂ්පාදන වැඩිදියුණු කර ඇති අතර එහිදීද OPPO පෙරමුණ ගෙන සිටී. මෑතකදී ප්‍රංශයේ පැරිස් නුවරදී නිල වශයෙන් දියත් කරන ලද Find X දුරකථනය මේ වනවිට පාරිභෝගිකයන්ගේ මෙන්ම ජනමාධ්‍ය වලද දැඩි ප්‍රශංසාවට ලක්වී තිබේ. Metallic වර්ණ සහ Glass Gradients සහිතව හඳුන්වා දුන්, වෙළඳපොළේ පෙරළියක් ඇතිකළ R series දුරකථන පෙළ සහ VOOC flash charging තාක්ෂණය සහ Multi-Gradient වර්ණ සහිත OPPO F9 දුරකථනයද මෙහිදී සිහිපත් කළ යුතු ය.

2018 වසරේදී නව තාක්ෂණයන් හා විශේෂාංග රාශියක් හඳුන්වා දීමට OPPO සමත් විය. විනාඩි 5 ක් ආරෝපණය කළ පසු පැය 2 ක කතා කාලයක් ලබාදෙන Super VOOC flash charging තාක්ෂණය, Panoramic Arc තිරය, AI-enhanced 3D කැමරාව, TOF සහ 3D structured light තාක්ෂණය මේ අතරින් ප්‍රධාන වේ. මේ වනවිට OPPO කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ පර්යේෂණ සිදුකිරීම සඳහා Stanford University සමග හවුල්කාරීත්වයකට එළඹී ඇති අතර 5G ස්මාර්ට්ෆෝන් හඳුන්වා දීම සඳහා අභ්‍යන්තර මට්ටමින් සාර්ථක ලෙස පර්යේෂණ සිදුකර තිබේ. පසුගිය කාලය තුළ නිෂ්පාදන හා දෘඪාංග වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ OPPO, ඒ වෙනුවෙන් ලොව පුරා පර්යේෂණ, සංවර්ධන හා නිර්මාණ මධ්‍යස්ථාන සමග සම්බන්ධ වී කටයුතු කර ඇත. මෘදුකාංග සම්බන්ධයෙන්ද OPPO පෙන්නුම් කර ඇත්තේ විශිෂ්ට මට්ටමේ ප්‍රගතියකි. මෙම නව්‍යකරණ උත්සාහයන් නිසා මේ වනවිට OPPO ජාත්‍යන්තර මට්ටමින් පේටන්ට් බලපත්‍ර 32,000 කට අධික සංඛ්‍යාවක් සඳහා අයදුම් කර ඇත.

දැනට රටවල් හා කලාප 30 කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර කටයුතු සිදුකරන OPPO සමාගමේ නිෂ්පාදන ලොව පුරා අලෙවිසැල් 400,000 කට අධික සංඛ්‍යාවකින් මිලදීගත හැකි වේ. ක්‍රීඩා, විලාසිතා, චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා, සහ අනෙකුත් ජනප්‍රිය ප්‍රවණතා හා සම්බන්ධ විවිධ සමාගම් සමග සම්බන්ධතා ගොඩනංවාගනිමින්, ලොව තරුණ පරපුරේ හදවත් දිනාගැනීමට OPPO සමත් වී ඇත. බාසිලෝනා පාපන්දු සමාජය, ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම, Victoria’s Secret Fashion Show සහ America’s Next Top Model සමගද OPPO හවුල්කාරීත්වයන්ට එළඹී ඇත. මෙම සෑම පියවරක් ඔස්සේම තරුණ පරපුර වෙත වැඩිවැඩියෙන් සමීප වීමට OPPO සමාගමට හැකියාව ලැබිණි. මේ ආකාරයට දිනෙන් දින වැඩි පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා OPPO ක්‍රියාත්මක කළ වැඩසටහන් සියල්ලම පාහේ සාර්ථක වී ඇත. තාක්ෂණය සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගෙනගොස් එය කලාවක් බවට පත්කරමින්, පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව සපුරාලීමට කටයුතු කිරීම OPPO හි සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button