දේශීය

මුතුරාජවෙල අභය භූමියේ විදුලි බලාගාරයක් හදන්න සූදානම්…. තවත් අභය භූමියක මළගමක්

මුතුරාජවෙල අභය භූමියේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බව වාර්තා වෙනවා. උස්වැටකෙයියාව පට්ටියවල ප්‍රදේශයේ තමයි මෙම විදුලි බලාගාරය ඉදිකිරීම සදහා සැලසුම් සකස් කර තිබෙන්නේ.

අක්කර 45 ප්‍රදේශයක විදුලි බලාගාරය ඉදිකිරීම සදහා සැලසුම් සකස් කිරීම් මේ වන විට ආරමභ කර තිබෙනවා.

මෙම ප්‍රදේශය මුතුරාජවෙල අභය භූමයේ හදවත බදු ප්‍රදේශයයි. පසුගිය ආණ්ඩුව සමයේ මෙම ප්‍රදේශයේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කිරීමට සූදානම් වූ අතර බෝධියක් පවා රෝපණය කර තිබුණි. පසුව ක්‍රීඩාංගනයක් හා සංචාරක මධ්‍යස්ථානයක් හා නව නගර සැලසුමක්ද සකස් තිබුණි.

ඊට සමගාමීව හැමිල්ටන් ඇල හා පාලම් සංවර්ධනය කල අතර පසුව ජනතා විරෝධය හා පරිසර සංවිධාන වල විරෝධය නිසා ව්‍යාපෘතිය නවත් වන්නට රජයට සිදුවුනි.

එහෙත් මේ වන විට රජය විසින් විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය ලබාදී ඇත. මෙමගින් මුතුරාජවෙල අභය භූමිය හා හැමිල්ටන් ඇල විනාශ වීම සිදුවේ. මේ සදහා පරිසර වාර්ථා පවා ඉවත දමා මුතුරාජවෙල විනාශ කිරීම සදහා පිඹුරැ පත් දැන් දැන් සැකසෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button