විශේෂාංග

අපේ රටට අවශ්‍ය තරුණ නායකයෙක් – සුජීවා ඩයස්

රටක දේශපාලනය රටෙහි ආර්ථික, සමාජයීය දියුණුව කෙරෙහි සෘජුව බලපාන කරුණක්. ලංකාවේ වර්තමාන දේශපාලනය පිළිබඳව බොහෝ දෙනාගේ මතකය එතරම් සුබදායී නොවන බව පවසන අවස්ථාවක මෙරට දේශපාලනය කලාකරුවන් දකින්නේ මොන ආකාරයටද? ඔවුන් දේශපාලනයේ වත්මන් තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වෙනවාද? යන්න විමසා බලන්න අපි මෙවර ජනප්‍රිය රංගන ශිල්පිනී සුජීවා ඩයස් එකක් දේශපාලනය කතා බහ කළා.

ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය ගැන මොකද හිතන්නේ?

මම දේශපාලනය ගැන කතා කරන්න කැමතිම නැහැ. ටී.වී එකක්වත් බලන්න කැමති නෑ. මොකද ඒ තරම්ම දේශපාලනය මේ වෙද්දී අන්තෙටම පිරිහිලා. එයාලා එයාලගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්නවා මිසක් ජනතාවගෛ් අවශ්‍යතා ඉෂ්ට වෙන්නේ නෑ. මට තේරෙන විදිහට නම් අද දේශපාලනය ඔන්න ඕකයි.

ඒත් දේශපාලනය අතහැරීම අපට කරගන්න අසාධාරණයක් නේද? මොකද අපිම නේද රට පාලනය කළ යුත්තන් පත් කරගන්න ඕනි.

ඒක හරි. ඒත් ඔවුන් පාලනයට ආවට පස්සේ කරන්නේ ඔවුන්ට හිතෙන දේ. ඔවුන්ගේ අතේ බලය තියෙද්දි අපි මොනවා කළත් වැඩක් නෑ. අන්තිමට වෙන්නේ ඔවුන්ට ඕනි දේ. ඒ නිසා සද්ද නැතුව ඉන්න එක තමයි කරන්න වෙන්නේ.

රුපියල දැන් රටේ ප්‍රධාන මාතෘකාවක් නේද?

රුපියල එන්න එන්නම බාල්දු වෙනවා. ඊට සාපේක්ෂව ජනතාවගේ වියදම් වැඩි වෙනවා. කොහෙන් ගියත් අවසානෙට හැමදේකින්ම දුක් විඳින්නේ අපේ රටේ අහිංසක ජනතාව.

පවතින රජයත්, තිබුණ රජයේ පාලකනුත්, එකිනෙකාට චෝදනා කරගන්නවා මිසක් වග කිව යුත්තෙක් නෑ නේද?

මට නම් හිතෙන විදිහට පවතින ආණ්ඩුව තමයි හැමදේටම වග කියන්න ඕනි. එයාලට කොන්ද පණ තියෙනවා නම් පුළුවන්නේ විසඳුමක් හොයන්න.

“සංහිඳියාව” සෑම රජයකම ප්‍රධාන මාතෘකාවක්. එය වචනකටම සීමා වෙලා නේද?

ඒක නම් ඇත්ත සෑම රජයක්ම සංහිඳියාව ගැන කතා කළා. ජත්‍යාන්තරය පවා විවිධ යෝජනා චෝදනා කරන්න එය වචනයක් බවට පමණක් පත් වෙලා.

මම චෝදනා කළොත් කලා නිර්මාණ තුළිනුත් “සංහිඳියාව”ට බාධා එල්ල වෙනවා කියලා?

මම හිතන්නේ නෑ, ඒත් සමහර අවස්ථාවලදී වෙන්න පුළුවන්.

ලංකාවට ගැළපෙන්නේ මොන වගේ පාලකයෙක්ද?

දුප්පත් මිනිස්සු ගැන හිතන, රට වෙනුවෙන් කැපවෙන ජනතාවාදී පාලනයකුයි අවශ්‍ය. දැන් එහෙම නෙමෙයිනේ එයාලගේ බඩ කට පුරවා ගන්න යන පාලනයක්නේ තියෙන්නේ.

කලාකරුවන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ස්වාධීනත්වය. නමුත් සමහර කලාකරුවන් පාලකයන් ඉදිරියේ දණ නැමුවා. කලාකරුවන් විදිහට එය උචිතද?

මම නම් හිතන්නේ ඒ ඒ අය අසරණ වුණ අවස්ථාවල පාලකයන්ගේ සහාය පැතුවට කමක් නෑ. ඒකට අපිට මොකවත් කියන්න අමාරුයි. නමුත් ඔවුන්ගේ ඕනෑ එපාකම් මත ඔවුන්ට අවශ්‍ය තීරණ ගන්නේ. ඒ ගැන මට මොකවත් කියන්න බෑ ඔවුන් කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා.

එවැනි අවශ්‍යතා නෙමෙයි. පක්ෂපාට වෙනුවෙන් කලාකරුවන් කඩේ යන එක නිවැරදිද?

නෑ. ඒක මම හිතන්නේ නෑ සුදුසුයි කියලා.

ලංකාවේ සිස්ටම් එක වෙනස් විය යුතුයි කියන දේ හැම මොහොතේම කියවෙනවා. නමුත් එය කොතැනින්ද වෙනස් විය යුත්තේ?

මම නම් කියන්නේ පාර්ලිමේන්තුවේ ඉඳලා වෙනස් විය යුතුයි. පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් තරුණ අය පත් වෙන්න ඕනි. නමුත් එහෙම වෙනස් වෙන්වන ක්‍රමයක් නෑ. වයසක අය නෙමෙයි හොඳ බුද්ධිමත් උගත් තරුණ අය හිටියට ඔවුන්ට අවස්ථාවක් ලැබිලා නෑ තාම. ඒ වගේ අය පත් වුණා නම් මීට වඩා ලංකාව දියුණු වෙලා ලස්සන රටක් වෙන්න තිබුණා. නමුත් අවාසනාවකට එහෙම වෙලා නෑ.

ඒත් අපිම නේද පත් කරන අයට වග කියන්න ඕනි?

ඒක ඇත්ත. මම දන්නේ නෑ. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා. අපි කොච්චර බැන්නත් පත් වෙන්නේ එයාලමයි. අනික හොඳ අය කැමති නෑ දේශපාලනයට එන්න. දේශපාලනයට එන්නේම මම ගොඩයනවා කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. ඒක තමයි මෙතුවක් කල් වුණේ සහ ඉදිරියට සමහරවිට වෙන්නෙත්. හැබැයි ඔවුන් දේශපාලනයට එන්න කලින් පෙන්නන්නේ වෙනම දෙයක්.

ලංකාවේ මීළඟ පාලකයා මොන වගේ පුද්ගලයෙක් විය යුතුයි කියලද හිතන්නේ?

ඇත්තටම අලුත් හොඳ අධ්‍යාපනයක් සහිත හොඳ නායකත්වයක් තියෙන පාලකයෙක් වෙන්න ඕනි. එවිට මම හිතනවා මීට වඩා රට දියුණු තත්ත්වයකට පත් වෙයි කියලා.


හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button